නිවස්න | පාසලේ ඉතිහාසය | පාසල් පැතිකඩ | අධ්‍යාපනය | විභාග ප්‍රතිඵල | පරිගණක මධ්‍යස්ථානය | ව්‍යාපෘති | සිසු නිර්මාණ | අපේ ගම
 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ, නව ලෝකයට ගැළපෙන තාක්ෂණික දැනුමත් සමඟ ඉදිරියට යාමට තොරතුරු තාක්ෂණය අනිවාර්ය අවශ්‍යතාවයකි. හදුන්වාදුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය පාසැල් සිසුන් අතර ජනප්‍රිය කරවමින් සහ අනෙකුත් විෂයයන් ඉගෙනීමට පාසැල් සිසුන් හට තොරතුරු තාක්ෂණය රුකුලක් කර ගනිමින් අනාගතය සිසු ප්‍රජාවට පවරා දීමට කැපවීම අපගේ වගකීමයි.

වෙනත් වෙබ් අඩවි වලට
 
ඊවීස්
 
     
රාජාංගනය අධ්‍යාපන කොට්ඨාසයේ ආරම්භ කළ පළමු පාසල
උතුරුමැද පළාතේ රජයේ පාසලක sch ඩොමේන් නාමය යටතේ නිර්මාණය කළ පළමු වෙබ් අඩවිය
 
මානිවත්ථ අභික්ඛම - නොනැවතී පෙරටම
 

ඔබ පිවිසියේ උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අංගමුව යාය 06 මහා විද්‍යාලයේ වෙබ් අඩවියටයි.

 
 
 
  අපි ගැන අළුත් දේ  
 

අ.පො.ස.(සා.පෙළ), අ.පො.ස.(උ.පෙළ) ශිෂ්‍ය දිශාභිමුඛ කිරීමේ වැඩමුළුව හා
ගුරුභවතුන් බල ගැන්වීමේ වැඩමුළුව

            ඉහත තේමාව යටතේ අප විද්‍යාලය හා තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ ඉතාමත් කාලීන වූත්, අත්‍යවශ්‍ය වූත් මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා අධ්‍යාපනික වැඩමුළුව ඉතාම සාර්ථක ලෙස පවත්වන්නට යෙදුන අතර එහි සම්පත් දැයකත්වය සැපයූ පාලිත බද්දේගම මහත්මාට අතිශයින් ම කෘතඥතාවය පුදකර සිටිමු.

 

 
 
  • අ.පො.ස.(සා.පෙළ), අ.පො.ස.(උ.පෙළ) ශිෂ්‍ය දිශාභිමුඛ කිරීමේ වැඩමුළුව හා
    ගුරුභවතුන් බල ගැන්වීමේ වැඩමුළුව

                මෙම තේමාව යටතේ අප විද්‍යාලය හා තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව සංවිධානය කරනු ලබන ඉතාමත් කාලීන වූත්, අත්‍යවශ්‍ය වූත් මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා අධ්‍යාපනික වැඩමුළුවක් පහත පරිදි සංවිධානය කර තිබේ.

    • අ.පො.ස.(සා.පෙළ), අ.පො.ස.(උ.පෙළ) ශිෂ්‍ය දිශාභිමුඛ කිරීමේ වැඩමුළුව (10, 11, 12 හා 13 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරු දැරියන් සඳහා )

    දිනය            :- 2011 අගෝස්තු මස 02 වන අඟහරුවාදා

    වේලාව        :- පෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා
    • අ.පො.ස.(සා.පෙළ),අ.පො.ස.(උ.පෙළ)සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

    දිනය            :- 2011 අගෝස්තු මස 02 වන අඟහරුවාදා

    වේලාව        :- ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා
    • ගුරුභවතුන් බල ගැන්වීමේ වැඩමුළුව

    දිනය            :- 2011 අගෝස්තු මස 03 වන බදාදා

    වේලාව         :- පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
  • අධ්‍යාපන අමාත්‍යංශය බ්‍රිතාන්‍ය මණ්ඩලය සමඟ එක්ව දිවයින පුරා පාසල් අතර ක්‍රියාත්මක කළ ‍Connecting Classroom ව්‍යපෘතියෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප පාසල සමත්වූ අතර එහි විද්‍යාලයේ සම්බන්ධීකාරක වරිය ලෙස කටයුතු කළේ ඉංග්‍රීසි විෂයය භාර ගුරුතුමිය වන එම්.එම්.කේ.එම්. බණ්ඩාර මෙනවියයි.
  • ජාතික තොරතුරු තාක්ෂණ විශිෂ්ඨතා සම්මාන ප්‍රදානයේදී උතුරුමැද පළාතේ ප්‍රථම ස්ථානය අප පාසල විසින් හිමිකර ගන්නා ලදී

.

  • 2010 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී විද්‍යාලයේ සමස්ත ප්‍රතිඵල ඉහළට
  • අ/පහළ හල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණූ මහා විද්‍යාලයේ පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයේ පරිගණක හා පරිගණක ජාලය අළුත්වැඩියා කිරීමේ පළමු අදියරට අප විද්‍යාලයේ පරිගණක දෘඩාංග හා ජාලගත විසදුම් කණ්ඩායමේ සහාය.
  • 2011 වර්ෂයේ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26 වන සෙනසුරාදා දින ප.ව. 1.00 ට උත්කර්ශවත් ලෙස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස උතුරුමැද පළාත් සභාවේ සභානායක ටී.එම්.ආර්.සිරිපාල මහත්මා හා රාජාංගනය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහභාගී විය. උළෙලේ ඡායාරූප සඳහා සබැඳිය
  • 2011 වර්ෂය ආරම්භයේදී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවන ලද අතර ආරම්භයේ සිට මේ දක්වා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සියළු දෙනාටම එය හා සම්බන්ධ වීමට ඇරයුම් කරමු. විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක වැඩකොටසක් ඉටු කිරීම සංගමයේ අරමුණ වේ.
 
 
 
 
 

වෙබ් අඩවිය

ආරම්භ කළ දිනය

2007.03.19

අවසන් වරට යාවත්කාලීන කළේ
2011.12.02
 
අලුත් පුවත්
 
විද්‍යාලයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විද්‍යලයීය ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කළ අතර අංගමු විදු මෑණියන්ගෙන් ශිල්ප හැදෑරූ ඔබ සියළු දෙනාටම ඒ සමඟ අත්වැල් බැඳ ගැනීමට ඇරයුම් කරමු.
 
Connecting Classroom ව්‍යාපෘතියෙන් ප්‍රථම ස්ථානය අප පාසලට
2011 තෙවන වාර පරීක්ෂණය නොවැම්බර් මස 24 වන දා සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා
 
වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම

තුසිත කුමාර (ප.ම.භාර)

කුමුදු බණ්ඩාර (ඉංග්‍රීසි)

අයෝමා සමාදිනී (9 ශ්‍රේණිය)

හංසි මධුවන්ති (9 ශ්‍රේණිය)

ශෙහානි වන්දනා (9 ශ්‍රේණිය)

ඉෂාන් ධනංජය (9 ශ්‍රේණිය)

හසිතා ඉරෝෂිණී (10 ශ්‍රේණිය)

දුලිප් චාමර (11 ශ්‍රේණිය)

 

විශේෂ ස්තුතිය

දෙනුවන් විජේවර්ධන මහතා

ඉන්ද්‍රජිත් මදුරාවක මහතා

නිවස්න | පාසලේ ඉතිහාසය | පාසල් පැතිකඩ | අධ්‍යාපනය | විභාග ප්‍රතිඵල | පරිගණක මධ්‍යස්ථානය | ව්‍යාපෘති | සිසු නිර්මාණ | අපේ ගම

සියළු හිම්කම් ඇවිරිණි ©පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය, අංගමුව යාය 06 මහා විද්‍යාලයය

වෙබ් අඩවිය නිර්මාණය : එල්.ටී.ආර්. තුසිත කුමාර (ප.ඉ.ම.භාර) සමඟ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම