නිවස්න | පාසලේ ඉතිහාසය | පාසල් පැතිකඩ | අධ්‍යාපනය | විභාග ප්‍රතිඵල | පරිගණක මධ්‍යස්ථානය | ව්‍යාපෘති | සිසු නිර්මාණ | අපේ ගම
 

වත්මන් සමාජයෙහි සෑම කාර්යයක් ම තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වී පැවතීම සුවිශේෂී ලක්ෂණයකි. පාසලින් සමාජයට පියමං කරන දරුවා තොරතුරු තාක්ෂණ දැනුමින් පිරිපුන් අයෙකු ලෙස සමාජයට පිවිසීම වැදගත් වන්නේ එනිසාය.

එම අරමුණ සාර්ථක කර ගැනීමට අප පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයේ කටයුතු සෑම විටම නවීකරණය කරමින් පවත්වා ගැනීමට අපි උත්සාහ දරමු.

පාසල් සිසුන්ට පමණක් නොව ප්‍රජාව සඳහාද පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයේ සේවය ලබාදීමට හැකිවීම අප ලද භාග්‍යයකි.

එල්.ටී.ආර්.තුසිත කුමාර

Email :thusithaltr@gmail.com

clc_manager@angamuwa.sch.lk

වෙනත් වෙබ් අඩවි වලට
 
ඊවීස්
 

 
මානිවත්ථ අභික්ඛම - නොනැවතී පෙරටම
 
පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථාන ආරම්භ කළ දිනය
2004 මාර්තු 19
 
 
පරිගණක සංඛ්‍යාව
10
 
 
පරිගණක සැපයූ ව්‍යාපෘතිය
SEMP
 
 
පරිගණක සැපයූ ආයතනය
EWIS
 
 
SchoolNet සම්බන්ධතාවය ලැබුණු දිනය
2006.08.24
 
 
 
  අපි ගැන  
 

අංගමුව යාය 06 මහා විද්‍යාලයේ පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ, රාජාංගන අධ්‍යාපන කොට්ඨාසයේ ආරම්භ කළ  ප්‍රථම පරිගණක මධ්‍යස්ථානය වේ. මෙය පාසල් ප්‍රජාවට මෙන්ම ග්‍රාමීය ප්‍රජාවටද තොරතුරු තාක්ෂණ දැනුම වැඩි දියුණු කර ගැනීමට ලැබුණු මහඟු සම්පතකි.
2005/29 චක්‍රලේඛයට  අනුව 2005 වර්ෂයේ  සිට සති අන්තයේදී හා පාසල් කාලයෙන් පසුව පැවැත්වෙන විවිධ සහතිකපත්‍ර පාඨමාලා සඳහා පංති පැවැත්වීම ඇරඹිණි. පරිගණක මධ්‍යස්ථානයේ විදුලි බිල මෙන්ම වෙනත් බොහෝ වියදම් සඳහා ගෙවීම්ද මෙම අමතර පංති වලින් ලැබෙන ආදායමෙන් සිදුකෙරේ‍.
ද්වීතියික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති හිටපු කළමණාකාර ජී.එච්.පී. විජේසේකර මහතා සහ තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරි සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ඩී.පී.රෝහණ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය ක්‍රමවත්ව පවත්වාගෙන යනු ලැබේ. වර්තමානයේදී තොරතුරු තාක්ෂණ නිලධාරි සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලීනා විජේසූරිය මහත්මියගේ මඟපෙන්වීම ප්‍රසංසාත්මකව සිහිපත් කළ යුතුය.
පරිගණක නිසි අයුරින් නඩත්තු කිරීම සදහා වගකීම් කාලය අවසන් වීමෙන් පසු පරිගණක දෘඩාංග හා ජාලගත විසදුම් කණ්ඩායමක් පාසල් සිසුන් සම්බන්ධ කරගෙන ආරම්භ කර ඇති අතර මනා ක්‍රියාකාරීත්වයකින් යුතුව මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට එය ඉතාමත් හොඳ අත්වැලකි.

2009 ජාතික තොරතුරු තාක්ෂණ විශිෂ්ඨතා සම්මාන ප්‍රදානයේදී උතුරුමැද පළාතේ A කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය අප පාසල විසින් හිමිකර ගැනීමද අප ලද ජයග්‍රහණයකි.

 
 
 
  මධ්‍යස්ථානය විවෘත කර තබන වේලාවන්  
 
දවස
සිට
දක්වා
සඳුදා - සිකුරාදා
පෙ.ව. 7.30
ප.ව. 6.30
සෙනසුරාදා
පෙ.ව.8.30
ප.ව. 6.30
ඉරිදා
ප.ව. 2.00
ප.ව. 6.30
 
 
 
  වෙබ් නිර්මාණ කණ්ඩායම/දෘඩාංග හා ජාලගත විසඳුම් කණ්ඩායම  
   
 
 
 
අපගේ පාඨමාලා
 
 
  • Basic Computing for School Children (5, 6, 7 ශ්‍රේණි වල දරු දැරියන් සඳහා)
  • Certificate in Computer Studies (8, 9, 10, 11 ශ්‍රේණි වල දරු දැරියන් සඳහා)
  • Certificate in Office Application with Internet & email (විවෘත)
  • Certificate in Graphic Design  (විවෘත)
  • Certificate in Desktop Publishing   (විවෘත)
  • Certificate in Web Design (විවෘත)
  • Certificate in PC Assembly (විවෘත)
  • Certificate in Computer Networking (විවෘත)
  • Certificate in Web 2.0 Technology (විවෘත)
  • Certificate in Free & Open Source Application (විවෘත)
 
     
 
 

 

 

වෙබ් අඩවිය

ආරම්භ කළ දිනය

2007.03.19

අවසන් වරට යාවත්කාලීන කළේ
2011.12.02
 
අලුත් පුවත්
 
2009/2010 ජාතික තොරතුරු තාක්ෂණ විශිෂ්ඨතා සම්මාන ප්‍රදානයේදී උතුරුමැද පළාතේ ප්‍රථම ස්ථානය අප පාසල විසින් හිමිකර ගන්නා ලදී.
 
පරිගණක දෘඩාංග හා ජාලගත විසඳුම් කණ්ඩායම
 

දුලිප් චාමර (11 ශ්‍රේණිය)

ශෂිලාල් විමුක්ති (11 ශ්‍රේණිය)

ඉෂාන් ධනංජය (9 ශ්‍රේණිය)

සුදේශ් දුලංග (9 ශ්‍රේණිය)

ක්‍රිෂාන්ත ප්‍රීතිමාල් (9 ශ්‍රේණිය)

චාමික නිරෝෂන් (9 ශ්‍රේණිය)

 
අප විසින් අවට පාසල් වලට දක්වන ලද සහාය
 
  • රාජාංගනය යාය 5 නවෝද්‍යා මහා විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ අක්‍රීය පරිගණක අළුත්වැඩියා කොට පරිගණක ජාලය සකස් කර දීම හා ඩිජිටල් සීනුව ස්ථාපනය කර දීම.
  • පහළහල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ පරිගණක වල දෝෂ නිරාකරණය කර දීම හා අළුත්වැඩියා කළ යුතු උපාංග හඳුනාගෙන ඒවා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම.

 

 

නිවස්න | පාසලේ ඉතිහාසය | පාසල් පැතිකඩ | අධ්‍යාපනය | විභාග ප්‍රතිඵල | පරිගණක මධ්‍යස්ථානය | ව්‍යාපෘති | සිසු නිර්මාණ | අපේ ගම

සියළු හිම්කම් ඇවිරිණි ©පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය, අංගමුව යාය 06 මහා විද්‍යාලයය

වෙබ් අඩවිය නිර්මාණය : එල්.ටී.ආර්. තුසිත කුමාර (ප.ඉ.ම.භාර) සමඟ වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම